ලංකා IOC සමාගම ඊයේ රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල යලි ඉහළ දමන ලදී. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන සමග සමාන මට්ටමේ පැවැති IOC මිල දෙවතාවක් ඉහල ගිය අතර එම මිලේ වෙනස ඉතා කැපී පෙනෙන සුලු එකකි.
මේ වනවිට ලංකා IOC පෙට්‍රල් ,ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 338කි. සිපෙට්කෝ මිල රුපියල් 254 කි. වෙනස රුපියල් 84 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක ලංකා IOC මිල රුපියල් 367 කි. සිපෙට්කෝ මිල රුපියල් 283 කි. වෙනස රුපියල් 84 කි.
ඔටෝ ඩීසල් ලීටරයක ලංකා IOC මිල රුපියල් 289 කි. සිපෙට්කෝ මිල රුපියල් 176 කි . වෙනස රුපියල් 113 කි.
සුපර් ඩීසල් ලීටරයක ලංකා IOC මිල රුපියල් 327 කි. සිපෙට්කෝ මිල රුපියල් 254 කි. වෙනස රුපියල් 73 කි.