ප්‍රියන්ත කුමාර ඝාතනයේ නඩු තීන්දුව

April 18, 2022 at 10:42 PM

පාකිස්ථානයේ සියල්කොට්හි දී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිද්ධියේ චුදිතයින් හය දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණය පියවර ගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ තවත් චුදිතයින් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර තවත් චුදිතයින් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා තිබෙනවා.

2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 900කට ආසන්න සංඛ්‍යාවකට නඩු පැවරීමට එරට ආරක්ෂක කටයුතු කරනු ලැබුවා.