සෙනසුරාදා සිට විදුලි කප්පාදුව යලිත් සිදුකිරීමට තීරණය වී තිබෙනවා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගත වූ දින තුනේදී විදුලි කප්පාදුව සිදුකෙරුණේ නැහැ .
කෙසේ වෙතත් හෙට සිට දිවා කාලයේ පමණක් පැය දෙකයි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
මේ අතර කෑන් සහ බූලි සඳහා ඉන්ධන සැපයීම තවදුරටත් නතර කර තිබෙනවා.
ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ අවසර නොලත් කිසිවෙකු සඳහා කෑන්සහ බූලි වලට තවදුරටත් ඉන්ධන නිකුත් නොකරනබවයි.
එම සංස්ථාව මීට පෙර තීරණය කර තිබුණේ 13, 14 දින වල පමණක් මෙම තීරණය ක්රියාත්මක කිරීමටයි.