ලංකාවට තවත් ඩොලර් බිලියන 02ක ණයක් දීමට ඉන්දියාව සුදානම් වෙයි

April 14, 2022 at 8:24 AM

දැවැන්ත ආර්ථික අර්බුධයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සඳහා තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

1948 නිදහස ලැබීමෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය ඇතුළු මිත්‍ර ජාතීන්ගෙන් ණය, ආහාර සහ බලශක්ති අර්බුධයෙන් ගොඩ ඒම සඳහා මේ වන විටත් ආධාර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 02ක අමතර ණය පහසුකමක් ලබා දීමට ඉන්දියාවේ ඉහළ පෙලේ බලධාරීන් සාකච්ජා කොට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාව චීනයෙන් ද අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය පහසුකමක් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ජා සිදුවෙමින් පවතී.

ඉන්දියාව මෙම ණය පහසුකම් සැපයීමට සුදානම් වන්නේ ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කර ඇති බවට දැනුම් දීමෙන් පසුව වීම ද විශේෂත්වයක්.