පකිස්තානයේ රජය පෙරළෙයි – ඉම්රාන් ඛාන් අගමැති විශ්වාසභංගයෙන් නෙරපයි

April 10, 2022 at 3:33 AM

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්‍ රාන් ඛාන් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැති විශ්වාස භංග යෝජනාව පරාජය වීමෙන් සිය ධුරයෙන් නෙරපා දැමිණ.

එම විශ්වාස භංග යෝජනාව සඳහා විපක්ෂය බහුතර ඡන්ද 174ක් ලබාගත්තේය.

මේ අනුව ඉම් රාන් ඛාන් පාකිස්තාන ඉතිහාසයේ පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් නෙරපූ පළමු අගමැතිවරයා බවටද පත් විය.

එරට ඉතිහාසයේ කිසිදු අගමැති  වරයෙකු ධුර කාලය සම්පූර්ණ කිර්‍රීමට අපොහොසත් වූ අතර හමුදා කුමන්ත්‍රණ හෝ බළ පෙරලි මගින් ඔවුන් ධුරයෙන් පහ කරන ලදී.