දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදේ පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද උදෑසන දිවයිනේ ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පස්වරුවේ ද දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව හා එම වැසි තත්ත්වය ලබන 14 වනදා දක්වා අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
මේ අතර පවතින අයහපත් කාළගුණික තත්ත්වය නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 මේ වනවිට අඩ් 3ක් බැගින් තත්පරයට ඝන අඩ් 8300 නිකුත් කරමින් පවතින බවත් කාළගුණික තත්ත්වය පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කර සිටිනවා.