ශ්‍රීලංකා ආර්ථික ප්‍රපාතයකට පෙරළෙන වාහනයක ස්වභාවය ගන්නා බව නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
” මේ වාහනයට ගොඩ වෙලා ඒකෙ තිරිංග තදකරලා මේක වැටිලා විනාශවෙන එක වළක්වා ගන්න එක තමයි පළමුව කළ යුත්තේ”
යනුවෙන් ඔහු සිය පළමු ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේය.
නව මහබැංකු අධිපතිවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ මහබැංකු මූල්යමණ්ඩලය ඉතිහාසයේ වැඩිම අගයකින් මෙරට ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමූ අතර එහි ප්‍රතිපල ලෙස මූල්‍ය ආයතන වල ණය පොලිය මෙන්ම තැන්පතු පොලියද ඉහළයනුඇත.
ඒකක 700කින් ඉහල දැමුනු ණය පොලී අනුපාතය 14.5% ක් වන අතර තැන්පතු පොලී අනුපාතය 13.5%කි.
මෙලෙස ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ උද්ධමනකාරී හැසිරීම් වලින් ජනතාව දුර්මුඛ කරන අතරතුර ඉතුරුම් සඳහා ඔවුන් දිරිමත් කිරීමටයි.
කෙසේ වෙතත් දැනට 17%ක මට්ටමේ පවතින උද්ධමනය තවදුරටත් ඉහළ යාම වැලැක්විය නොහැකි බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
“ජනතාවට ඒ නිසා තව ටික කලක් ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. අප ජනතාවට බොරු බලාපොරොත්තු දෙන්නේ නැහැ. මේ ආර්ථික කඩාවැටීම ආපසු හැරවීම ඉතා අපහසුයි .නමුත් එය කළ හැකියි”
“මහබැංකුව ස්වාධීන ආයතයක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍යයි,මෙවැනි මොහොතක. දේශපාලන පක්ෂ වල අරමුණු අනුව අපට ක්‍රියාකරන්න බැහැ ”
ලෙස ඔහු සඳහන් කළේය.