පොලිස් මුලස්ථානයෙන් නිවේදනයක්

April 8, 2022 at 8:20 AM

මෙම උත්සව සමයේදී මහජනතාව විවිධ අවශ්‍යතාවයන් සඳහා කොළඹ නගරයට විශාල වශයෙන් පැමිණෙ බැවින් එලෙස පැමිණෙන ජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ විශේෂයෙන් ගාලු මුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල තදබදයක් ඇතිවන නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඒ හේතුවෙන් අද පස්වරුවේ එම ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් රථවාහනවලින් ගමන්ගන්නා පුද්ගලයින් එම ප්‍රදේශ වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීම සුදුසු බව මහජනතාවට දැනුම්දෙන බවද ‌අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.