ඉන්ධන නෞකාව මුදා ගැනීමට ඩොලර් ගෙවයි

April 8, 2022 at 8:12 AM

ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන 52 ක් ගෙවා ඊයේ පස්වරුවේ නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එම නෞකාවේ ඩීසල් තොගය අද දිනයේ ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් ඩීසල් පිරවුම්හල් වෙත සැපයීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

මෙම නෞකාව පසුගිය මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වුවද එය නිදහස් කරගැනීමට ඛනිජ සංස්ථාවට ණයවර ලිපි විවෘත කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීමෙන් මුහුදේ නවතා තිබුණා.