අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීති රෙගුලාසි පණවන ලද්දේ පසුගිය පළමුවැනි දා යි.
ඒ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
ජනාධිපතිවරයා ට ඇති බලතල අනුව එලෙස ගැසට් නිවේදනයක් නිකුත් කල හැකි නමුත් හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට දින 14ක් තුල ඉදිරිපත් කලයුතු වේ.
නමුත් ආණ්ඩු පක්ෂ බහුතරය අරඅර්බුදකාරී වී ඇති බැවින් ඊට අනුමැතිය ලබා ගැනීමද ගැටලුකාරී වී ඇත.
යුරෝපා සංගමය , විවිධ තානාපති අංශ මෙන්ම ශ්‍රී ලංකා නීති වේදීන්ගේ සංගමය සහ විපක්ෂය මෙම හදිසි නීති රෙගුලාසි ආපසු කැඳවන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබුණි.