අන්තර් ශිෂ්‍ය විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මේ වන විට අරලියගහ මන්දිරය අසල විරෝධතාවයක නියැලෙමින් සිටිනවා. එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ද උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ එම ස්ථානය අසල විරෝධතාවයේ යෙදෙන පිරිස් ආරක්ෂක බාධක ඉවත් කර ගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල් වීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
#SriLanka: Visuals from outside the Presidential Secretariat. Large crowd, carnival like atmosphere, many Sri Lankan flags, chants against President Gotabaya Rajapaksa. pic.twitter.com/p9p0uUjlZj
— Azzam Ameen (@AzzamAmeen) April 4, 2022