සමාජ මාධ්‍ය තහනමට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් විවේචන

April 3, 2022 at 11:05 AM

මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක සමාජමාධ්‍ය තනම සම්බන්ධයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වා ඇත.

සිය සමාජ මාධ්‍ය ගිණුමක් වන ට්විටර් හි සටහනක් තබමින් ඔහු පවසන්නේ තමාද මේ වනවිට වීපීඑන් භාවිත කරන බවයි.

මෙවැනි සමාජ මාධ්‍ය  තහනම්  කිරීම් සම්පූර්ණයෙන්ම ඵලරහිත බව පෙන්වා දෙන ඔහු පවසන්නේ අදාල තීරණය යලි සලකා බලන ලෙස බලධාරීන්ට පවසන බවයි.

 

මේ අතර ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ද සිය සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තීරණය අනුවණ එකක් බව පෙන්වා දෙයි.

” මෙවැනි අසීරු අවස්ථාවක මෙවැන්නක් කිරීම විහිලුවක්,  මේ වනවිට පවතින අර්බුදය සඳහා රජය ලෙස අප වගකිව යුතුයි . බලධාරීන් මේ ගැන වඩාත් යහපත් ලෙස සිතිය යුතුයි ” එලෙස ඔහු  සඳහන් කර ඇත.