අගමැති ඕනෑම මොහොතක ඉල්ලා අස්වීමට සුදානම්

April 3, 2022 at 7:41 PM

රටේ ස්ථාවර භාවයක් ඇති කිරීම උදෙසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම අවස්ථාවක සිය ධුරයෙන් ඉල්ලා අස්විමට සුදානම් බව ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු නිව්ස්වයර් වෙත ප්‍රකාශ කර සිටියා.

එම අමාත්‍යවරයා සඳහන් කලේ රටේ පවතින දේශපාලන සහ සමාජීය තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඉතා අවදානයෙන් පසුවන බවයි.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියා.