IOC ඉන්ධන ,විදුලිය ට දෙයි

April 2, 2022 at 11:19 AM

ලංකා IOC සමාගම ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ලබාදෙන ඩීසල් මෙට්‍රික් ටොන් 6000 අද විදුලිබලාගාර වෙත සැපයීමට කටයුතු කෙරිණ.

ඉන්දීය මහකොමසාරිස් කාරයාලය පැවසුවේ එම ඉන්ධන තොගය අද භාර දුන් බවය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සිට එම ඉන්ධන තොගය රැගෙන විත් මෙලෙස භාර දී ඇත.

මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට එන ඩීසල් නෞකාවක් ද මෙට්‍රික් ටොන් 40000ක ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන රැගෙන පැමිණ  තිබේ.

පවතින විදුලි කප්පාදුව මෙන්ම ඩීසල් හිඟය ද මෙම තත්ත්වය සමග පහ ව යනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.