සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ අදහසක් නෑ – අධ්‍යාපන ඇමති

March 31, 2022 at 11:44 AM

ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කල පරිදිම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි .

අද පෙරවරුවේ මහනුවර දී මාධ්‍යවේදීන් හමුවේ ඔහු සඳහන් කලේ පාසල් වාර විහාගද සැලසුම් කර ඇති පරිදිම පැවැත්වෙන බවයි.

ඒ සඳහා අවශ්‍ය කඩදාසි හිඟයකින් තොරව  සැපයීම සඳහා කටයුතු යොදා ඇතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත් පවතින විදුලි කප්පාදුව හමුවේ තවත් මසකින් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ක්ෂෙත්‍රයේ බොහෝ දෙනෙකු ඉල්ලා සිටිති.

මැයි මාසයේ පැවැත්වීමට නියමිත ව ඇත්තේ පසුගිය දෙසැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 සාමාන්‍ය පෙළ විභාගයයි.