සිපෙට්කෝ ඩීසල් පිරවුම් හල් සඳහා අද සහ හෙට ඩීසල් ඉන්ධන ලබාදීමේ ගැටලුවක් මතුවීමත් සමග යලිත් ලංකා IOC ඉන්ධන හල් අසල ඩීසල් සඳහා පෝලිම් නිර්මාණය වී ඇත.
පසුගියදා සිපෙට්කෝ ඉන්ධන මිල ඉහල දැමූ අවස්ථාවේ දී ඔටෝ ඩීසල් මිල ඉහල දැමුණේ ලංකා IOC මිලට වඩා අඩු අගයකිනි.
එනම් සිපෙට්කෝ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 176ක් හා ලංකා IOC ඩීසල් ලීටරයක් රුපියල් 214ක් විය.
ඒ සමග ජනතාව වැඩිවශයෙන් සිපෙට්කෝ පිරවුම් හල් වෙත පැමිණි අතර මීට දින කීපයකට පෙර ලංකා IOC පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 49කින් ඉහල දැමීමත් සමග ලංකා IOC පිරවුම් හල් සඳහා ජනතාව පැමිණීම ඉතා අඩුවිය.
නමුත් අද ලංකා IOC ඉන්ධන පිරවුම්හල් අසල යලි ඩීසල් පෝලිම් දක්නට ඇත්තේ සිපෙට්කෝ ඩීසල් සැපයුම දින දෙකක් අඩාල වීම හේතුවෙනි.
මීට අමතරව ලංකා IOC සමාගම වෙතින් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගැනීමටද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.