ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.
අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බවත් පෙටල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.