ප්රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්ය බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල 299 අගයක් දක්වා අද දිනයේ ඉහළ ගොස් තිබෙනවා.
ප්රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක සහ රාජ්ය බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 295-299 දක්වා අගයක් ලෙස සටහන්ව තිබෙනවා.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 284.82ක් වූ අතර විකුණුම් මිල 294.99ක් ලෙසයි සටහන්ව ඇත්තේ.