ඉදිරියේදී පැය 10ක් දක්වා වූ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද ප්‍රකාශ කර සිටියා.
“පැය 10ක් දක්වා විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නෑ. අවශ්‍ය තෙල් සංචිත අපිට දැන් තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ දකුණු පළාතට පැය ගණන් විදුලිය කැපෙන තත්ත්වයේ අඩුවීමේ ප්‍රවණතාවයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්.”
මේ අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.