එළඹෙන සතියේ සිට පැය 10ක විදුලි කප්පාදුවක් ?

March 25, 2022 at 11:39 AM

ජලාශ වල ජල මට්ටම පහළ යාම සහ තාප බලාගාර සඳහා ක්‍රමවත් ලෙස ඉන්ධන නොලැබීම නිසා ලබන සතියේ විදුලි කප්පාදු කිරිමට සිදුවන පැය ගණන වැඩි වීමේ සම්භාවිතාවක් පවතින බව විදුලිබල ඉංජිනේරුවන් පවසනවා.

මේ වන විට පැය 06යි මිනිත්තු 30ක් දක්වා සිදුකරනු ලබන විදුලි කප්පාදුව ඇතැම් විට දිනකට පැය 10ක් දක්වා වැඩි කිරිමට සිදුවනු ඇති බවයි විදුලි ඉංජිනේරුවන් සඳහන් කර සිටින්නේ.

මේ අතර එළඹෙන සතියේ දී විදුලි කප්පාදුව සිදුකල යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේදී විදුලිබල මණ්ඩලයේ විශේෂ සාකච්ජාවක් පැවැත්වනවා.