කොවිඩ් සමයේ රුසියානු ධනවතෙකු මෙරටට විත් ගිය අපූරු දුම් රිය ගමනක තොරතුරු හෙලිවෙයි.

March 24, 2022 at 9:24 PM

රුසියාවේ ප්‍රමුඛ පෙළේ ධනවතෙකු පසුගිය දා මෙරටට පැමිණ දුම් රියක් සම්පූර්ණයෙන්ම වෙන්කර ගෙන පවුලේ සිව් දෙනා සමග කඳුකර චාරිකාවක ට ගොස් තිබේ.

මේ බව හෙලි වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සංචාරක සංවර්ධන අධිකාරියේ කල නිරීක්ෂණ චාරිකාවේ දී ය.

 

එහිදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ලොව විවිධ රටවලින් ධනවතුන් මෙරටට සංචාරය සඳහා පැමිණෙන බවයි.

” රුසියාවෙන් එරට ප්‍රධාන පෙළේ ධනවතෙකු මෙරටට පැමිණියා. ඒ අප රටේ සංචරණ සීමා ක්‍රියාත්මක වූ කාල සීමාවක්.

ඔහුට කඳුකර චාරිකාවක් දුම් රියෙන් යන්න උවමනා උණා පවුලේ කිහිප දෙනා සමග.

නමුත් සමාජය සමග මිශ්‍ර වීම් සීමා කර තිබූ නිසා අපට පොදු ප්‍රවාහන  සේවාවකින් ඒ ඉල්ලීම ඉටුකළ නොහැකි බව දැන්වූවා.

ඔහු එහිදී මුලු දුම්රියක්ම පවුලේ අය වෙනුවෙන් වෙන් කරගෙන හැටන් සහ ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

කොවිඩ් පරීක්ෂණ සඳහා වෙනම වෛද්‍ය වරයෙකුත් ඔහු කැඳවාගෙනවිත් තිබුණා.

ඒ විතරක් නොවේ , සිය දරුවන් පියානෝ වාදනයට කැමති නිසා ඔහු පියානෝවකුත් අරගෙනයි ඇවිත් හිටියේ

ඒ වගේ ධනවත්තුත් මේරටේ සංචාරයට එනවා”

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ඒ බව  පවසද්දී ජනාධිපතිවරයා ද මවිතයට පත් විය.