සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ

March 23, 2022 at 10:49 AM

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව මිට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සමුළුවට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්ව සිටිනවා.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක් සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර ඇත්තේ. සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය ද ඒ අතරට අයත්. ඉකුත්දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ උදය ගම්මන්පිල, විමල් වීරවංශ මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර ද මෙම සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් එම පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙකු සමුළුවට සහභාගී වීමට නියමිතයි.