ශ්‍රී ලංකාවේ අසිරූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ – චීන තානාපති කියයි

March 21, 2022 at 1:47 PM

ශ්‍රී ලංකාව වර්ථමානයේ පත්ව ඇති තත්ත්වය හමුවේ චීනය විසින් කිසිදු වාසියක් ලබා ගැනීමට කටයුතු නොකරන බවත්, මින් 70 වසරකට පෙර දී චීනය මුහුණ දුන් අසිරූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව විසින් චීනයට සහය දුන් බව ශ්‍රී ලංකාවේ තානාපති Qi Zhenhong සඳහන් කර සිටිනවා.

අද මාධ්‍ය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙරට චීන තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 01ක සහ ඩොලර් බිලියන් 1.5ක ණය පහසුකමක් චීනයෙන් ඉල්ලා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම සම්බන්ධයෙන් චීනය මේ වන විට සලකා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක චීන ව්‍යාපෘති හරහා මෙරට රැකියා අවස්ථා 11,000ක් ද නිර්මාණය වී ඇති බවයි චින තානාපතිවරයා සඳහන් කර සිටියා.

මේ අතර මිට පෙර ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ද ණය පහසුකම් ලබා ගනු ලැබුවා.