ඩිසල් නෞකාවක් ලඟා වෙයි

March 21, 2022 at 11:22 AM

ඉන්දීය ණය පහසුකම් යටතේ මෙරටට ලැබීමට නියමිත ව තිබු ඩිසල් මෙට්ට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාව දිවයිනට ළඟාව තිබෙනවා.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පැවසුවේ එම ඉන්ධන තොගය ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉන්දියාව සමග ඇති කර ගත් ඩොලර් මිලියන 500 ණය පහසුකම් යටතේයි.