ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර සිටිනවා.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා NewsWire වෙත කියා සිටියේ ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවයි.
ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් කටකතා පතුරවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වේ.
පවතින ආර්ථික අර්බුදය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 23 වැනි බදාදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ද නියමිතය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීම සඳහා මෙම සමුළුව සංවිධානය කර තිබේ.