සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුව අද සිට සති දෙකත් තුනත් අතර කාලයක් වසා තැබීමට සිදුව ඇති බවයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ. 2022-03-20