ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගතහැකි සියලුම විකල්පයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
ශ්‍රී ලංකාව විශාල වශයෙන් ආර්ථික අභියෝග රැසකට මුහුණදී ඇති බවත්, සමාජයේ අවදානම් කොටස් ආරක්ෂා කර ගැනීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ඔහු පවසා තිබෙනවා.
ඉකුත්දා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉකුත්දා සාකච්ඡා පැවැත්වුවා.