අද දිනයේදී මෙරට රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 150,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ, හෙට්ටිවිදියේ රන් ආභරණ වෙළෙදසැල් හිමියන් ප්‍රකාශ කර සිටිනවා.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 160,000 ක් බවට පත්ව ඇති බවත් රත්තරන් ආනයනයට ඩොලර් නොමැතිවීම නිසා රට තුළ දැඩි රන් හිඟයක් ද පවතින බවයි.
රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්ධමය තත්වය මෙම අනපේක්ෂිත රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇති අතර ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2000 ආසන්න ලෙස පවතිනවා.