ඩීසල් හිඟය නුදුරේදී නොවිසඳෙන ලකුණු

March 18, 2022 at 8:30 PM

මේ වන විට වරායේ නැංගුරම් ලා ඇති ඩීසල් නෞකාව සඳහා ඩොලර් ගෙවීම තවදුරටත් අවිනිශ්චිත වී තිබේ.

ඒ ඩොලර් මිලියන 42ක මුදල සහ මේ වනවිට එම නෞකාව වරායේ රඳවා තිබූ කාලයට අදාල ප්‍රමාද ගාස්තු ගෙවීමට ඩොලර් සපයාගත නොහැකි වීම හේතුවෙන්.

කෙසේවෙතත් ඉන්දියාවේ  ඩොලර් මිලියන 500 ණය යෝජනා ක්‍රමය යටතේ ඩීසල් නෞකාවක් ඉදිරි සතියේ මෙරටට පැමිණීමට නියමිතයි.

එම මුලු ණය වැඩසටහන යටතේ හිමිවන ඉන්ධන ද ප්‍රමාණවත් වන්නේ සති පහකට පමණක් බව වාර්තා වේ.

මේවන විටත් මෙරට ඩීසල් හිඟය දැඩිව පවතින අතර එක වර නෞකා හතරක් වත් නොපැමණිය හොත් එම ගැටලුවට තිරසාර විසඳුමක් ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත් ඉන්ධන බවුසර් වර්ජනයෙන් හටගත් පෙට්‍රල් හිඟය ඉදිරි දින කිහිපය තුල තරමක් අඩුවනු ඇති.