ජවිපෙ රැලිය නිසා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්තාවයක්

March 18, 2022 at 2:27 PM

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය අද ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විරෝධතා පා ගමනක් පැවැත්වීය.

රජයේ තීරණවලට විරෝධය පළකරමින් විරෝධතා පාගමන සහ තරුණ රැළිය පැවැත්වෙනවා.

ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති අතර විරෝධතාව හේතුවෙන් ප්‍රදේශයේ සහ ඒ අවට රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.