දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
බස්නාහිර පළාත, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
සබරගමුව, මධ්‍යම දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී සිටියේ.