ඉන්දියාව සමග ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අත්සන් තබයි

March 17, 2022 at 4:13 PM

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමට අද පස්වරුවේ අත්සන් තැබුණා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුරයි. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මෙලෙස ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට අපේක්ෂිතයි.