මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර අද පැවැති සාකච්ඡාවේදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් සවිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා එහිදී පවසා ඇත්තේ කාබනික කෘෂිකර්මාන්තයට අදාලව ඉන්දියාව භාවිත කරන තාක්ෂණික ක්‍රමවේද ලංකාවටද ගැලපෙන බවයි.
නැනෝ පොහොර තාක්ෂණය සම්බන්ධයෙන් එහිදී මෝඩි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පලකර තිබෙනවා.
එමෙන්ම බලශක්ති ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ මහතා සහ මෝඩි අග්‍රාමාත්‍ය වරයා අතර සාකච්ඡා කෙරුණු අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ වැදගත්කම එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
මීට අමතරව ධීවර ගැටලුව සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති අතර අත් අඩංගුවේ පසුවන ධීවරයින් සහ බෝට්ටු නිදහස් කර ගැනීමේ වැඩපිලිවෙල පිලිබඳව දෙපාර්ශවය සාකච්ඡා කල බව සඳහන්