ඉන්ධන බවුසර් වර්ජනය අවසන්

March 16, 2022 at 12:21 PM

 

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කිරීම හේතුවෙන් මෙරට ඉන්ධන ප්‍රවාහනය යලි අර්බුදයකට ලක් ව තිබිණි .

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක් පමණ සිදු කරන්නේ ලබන්නේ පෞද්ගලික ටැංකි රථ වලිනුයි.

කෙසේ වෙතත් අද දහවල්  බලශක්ති අමාත්‍ය වරයා සමග පැවැති සසාකච්ඡාවකදී ගැටලු වලට විසඳුම් ලැබීම හේතුවෙන් මෙම වර්ජනය අත් හිටුවා තිබේ.