ඉන්ධන ප්‍රවාහනයට බාධාවක් , ටැංකි රථ වර්ජනයක්

March 16, 2022 at 6:46 AM

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කිරීම හේතුවෙන් මෙරට ඉන්ධන ප්‍රවාහනය යලි අර්බුදයකට ලක් ව ඇත.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක් පමණ සිදු කරන්නේ ලබන්නේ පෞද්ගලික ටැංකි රථ වලිනුයි.

ඔවුන් ඉල්ලා ඇත්තේ අවම තරමින් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක්.

නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ට ඔවුන් මීට දින දෙකකට පෙර යොමුකල ලිපියකට ප්‍රතිචාර වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පවසා ඇත්තේ ඩීසල් මිල වැඩි වීම පමණක් මිල වැඩි කිරිම සඳහා සලකා බලන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ ඩීසල් වැඩි වීමට අමතරව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම ද සලකා බලා තමන්ගේ ගාස්තු සංශෝධනය කරන ලෙසයි.

එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැහැ.

මෙම ක්‍රියාමාර්ගයට හේතු වී ඇත්තේ එම තත්ත්වය යි.