දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්යක්ෂ චැන්යොං – රී, අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල සමඟ ද සාකච්ඡාවක නිරත වූ බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා.
ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව පිළිබඳ IMF ඇගයීම් වාර්තාව පිළිබඳ කරුණු දක්වනු ඇති.
ශ්‍රී ලංකාව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් සඳහා අයදුම්කර නැහැ.