ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්.
අද පස්වරු 02ට කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලදී විරෝධතාව පැවැත්වෙන බවයි එම පක්ෂය සඳහන් කලේ.
ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය ආණඩුවට පෙන්වා දීමට මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවත්, මෙම විරෝධතාව සඳහා එක්වන ලෙස දේශපාලන පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ද ආරාධනා කර ඇති බවයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ.