යළ කන්නයටත් කාබනික පොහොර!

March 15, 2022 at 7:47 PM

මහ කන්නයේදී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කිරීමට  යොමු නො වූ ගොවීන් ද නිසි ලෙස දැනුවත් කර සිදු වූ අඩුපාඩු මඟහරවා ගැනීමෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට රජ අපේක්ෂා කරයි.

යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ  සාකච්ඡාවක් පැවැත්විණ

මහ කන්නයේදී ලත් අත්දැකීම් පාදක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් 48දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර තිබේ .

රසායනික  පොහොර සහ වල්නාශකවලට හුරු වූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයකි. එහෙත් සියලු ම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීම, නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබා දීම සිදු විය යුතු බව ද ඔහු  අවධාරණය කළේය.