බුලි සහ බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

March 15, 2022 at 4:12 PM
වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහනවලට අමතරව බැරල්වලට සහ බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී ඇතැයි වාර්තා වනවා. ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක මහේෂ් අලවත්ත විසින්.

ඒ අනුව එම නීතියට පටහැනිව ක්‍රියා කරන බෙදුම්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා ඇත්තේ. එමෙන්ම එලෙස ඉන්ධන බෙදාහරින පුද්ගලයින්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලකවරයා දැනුම්දී ඇතැයි සඳහන්.