ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් බස් ගාස්තු 15%කින් ඉහල දැමීමේ ජාතික ප්‍රවාහන කොමිසමේ තීරණයට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව දැනට රුපියල් 17 ක් ලෙස පවතින අවම ගාස්තුව රුපියල් 20 ක් වන පරිදි රුපියල් තුනකින් වැඩි වේ.
සෙසු ගාස්තු වැඩිවීම පහත පරිදි ය.



මේ යටතේ ගාස්තු අවස්ථා 350ක මිල ඉහල යන අතර සාමාන්‍ය සේවා යටතේ වැඩිම බස් ගාස්තු වැඩිවීම වන්නේ රුපියල් 1303 ක් වපැවැති ගාස්තුව රුපියල් 1498 ක් දක්වා යි.
එම ගාස්තුව රුපියල් 195කින් ඉහල ගොස් තිබේ.
මීට අමතරව සුඛෝපභෝගි ,අධි සුඛෝපභෝගී මෙන්ම අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ගාස්තුද මීට අනුරූපව වෙනස් කෙරේ.
