ත්‍රි රෝද රථ අවම ගාස්තුව රුපියල් දහයකින් ඉහළට

March 12, 2022 at 12:40 PM

ඉන්ධන මිල ඉහල දැමීමේ තීරණය ත් සමග ත්‍රිරෝද රථ ගාස්තුව ඉහල දැමීමට ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව එම සංගමය පැවසුවේ හෙට (13) සිට පළමු කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 70ක් වන පරිදි රුපියල් දහයකින් ඉහල දමන බවයි.

දෙවැනි කිලෝමීටරයේ සිට ගාස්තුව රුපියල් 55ක් බැගින් අය කිරීමටද තීරණය කර ඇත.

මීට පෙර අවම ගාස්තුව ලෙස පැවතියේ රුපියල් 60කි.

මේ වන විට ත්‍රිරෝද රථ සඳහා භාවිත කෙරෙන පෙට්‍රල් මිල සිපෙට්කෝ සහ ලංකා IOC පිරවුම්හල් වල සමාන  අගයක් ගනී.

ඒ ඔක්ටේන් 92 , රුපියල් 254ක් සහ ඔක්ටේන් 95 – 283 ක් වශයෙනි.