ශෂී විරවංශගේ නඩු තීන්දුව කල් යයි

March 11, 2022 at 10:31 AM

ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව මැයි මස 6 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද දැනුම් දී සිටියා.

මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා.

එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම මැයි මස 6 වනදා සිදුකරන බවයි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ ද අධිකරණය හමුවේ පෙනී සිටියා.