තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් ද, බනිස් ගෙඩියක් රුපියල් 10කින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ.
මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර බත් පැකට්ටුවක මිල රුපියල් 20, කොත්තුවක් රුපියල් 10කින් සහ කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) රුපියල් 5 කින් මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන් ගේ සංගමය තීරණය කරයි