දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් බව වාර්තා වනවා.
ඒ අනුව මෙරට ප්රමුඛතම වාණිජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇතිබව ප්රකාශ කර ඇත.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්රී ලංකා මහබැංකුව පසුගිය 07 වනදා තීරණය කරනු ලැබුවා.
ගෙවුණු මාස කිහිපයේ ශ්රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරයක මෙරට විකුණුම් මිල රුපියල් 202.99 ක අගයක පවත්වා ගෙන ගියා.