ගෑස් සම්බන්ධයෙන් දැනුම් දීමක්

March 10, 2022 at 8:37 AM

ලිට්‍රෝ ගෑස් සමාගම සතු ගෑස් තොග අවසන් වී තිබෙනවා.ගෑස් රැගත් නෞකාවකට අදාළ මුදල් ගෙවීමෙන් පසු ඉකුත් අගහරුවාදා එම නෞකාවේ තිබූ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,600 ක් ගොඩබානු ලැබුවා.

ඒ අනුව නැවත වරක් අද දිනයේ සිට වෙළදපොලේ ගෑස් හිගයක් මතුවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

දිවයිනට ආසන්නයට ගෑස් තොග රැගත් නෞකා දෙකක් පැමිණ තිබුණද පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම නෞකාවලින් රැගෙන ආ ගෑස් තොග මෙතෙක් මෙරටට ලබාගැනීමට හැකියාව ලැබී නැහැ.

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.