හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරිම සඳහා ලංකා විදුලිබල් මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
A,B,C,D,E,F,G,H,I,J,K සහ L යන කලාප සඳහා හෙට පෙරවරු 8 සිට සවස 6.00 දක්වා පැය 2.5ක කාලයක් ද සවස 6.00 සිට රාත්රී 11.00 දක්වා කාලය තුලදී පැය 1.5ක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතව ඇත.
P,Q,R,S,T,U,V සහ W යන කලාප සඳහා හෙට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුලදී පැය 02ක් සහ සවස 5.00 සිට රාත්රී 9.00 දක්වා කාලය තුලදී පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇත.
නව කාණ්ඩ සම්බන්ධයෙන් වන ප්රදේශ ගැන තව සුළු මොහොතකින් ලංකා විදුලිබල් මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කරනු ඇත.