සියලුම විදී පහන් නිවා දමන්න – මුදල් ඇමති ගෙන් ඉල්ලීමක්

March 7, 2022 at 1:22 PM

අද සිට එළඹෙන මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම විදී පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන නියෝජිතවරුන් ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

රටේ පවතින බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙසයි මුදල් ඇමතිවරයා විසින් එම නියෝජිතයින් ගෙන් ඉල්ලා ඇත්තේ.