සත්වෝද්‍යාන සහ සෆාරි නැරඹුම් ගාස්තු ඉහළට

March 7, 2022 at 10:22 PM

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා.

සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් මෙම ගාස්තු සංශෝධනය සිදුව ඇත්තේ 2017 වසරෙන් පසු බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

ගාස්තු සංශෝධනය අද (07) සිට ක්‍රියාත්මක අතර දේශීය සංචාරකයින්ගෙන් අය කෙරෙන නව ගාස්තු පහතින් දැක්වේ.