වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති රාජයා අද අලුයම මියගොස් තිබෙනවා.
2006 වසරේ සිට 13 වසරක් පුරාවට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.