අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට පසුපෙළ අසුන් පැනවීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ 73 සහ 78 වන අසුන් එම මන්ත්‍රීවරුන්ට වෙන්කර ඇති බවයි.
පාර්ලිමේන්තුව ලබන 08 වනදා යළි රැස්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පසුගියදා දිව්රුම්දුන් එස්.බී දිසානායකට ජ්‍යෙෂ්ඨත්වය අනුව ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ දෙවන අසුන වෙන් කර ඇත.
එම අසුනේ සිටි ජී.එල් පීරිස් අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා දස වන ආසනය වෙන් කර ඇති බව සඳහන්.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වු දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට 30 වන ආසනය වෙන් කර ඇති අතර නැවතත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට වෙන්කර ඇත්තේ 36 වන ආසනය බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.